හෝමාගම මාබුල්ගොඩ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
පොලිසිය පැවසුවේ මාබුල්ගොඩ ප්‍රදේශයේ ගරාජයක් ඉදිරිපිට නවතා තිබු බස් රථයකට සහ ත්‍රිරෝධ රථයකට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි.
යතුරැ පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු ටී 56 ගිනි අවියක් යොදා ගෙන මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.
වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය සදහන් කළේ.
හෝමාගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311