පවතින අධික උණුසුම් කාලගුණය සහ දැඩි අව් රශ්මිය දෑස්වලට සහ වකුගඩුවලට බලපෑම් ඇති කරන බව සෞඛ්‍ය අංශය දැනුම් දෙනවා.
මේ හේතුවෙන් ඒ පිළිබදව දැඩි සැලකිල්ලෙන් ක්‍රියා කරන්නැයි ජනතාවට උපදෙස් ලබා දෙන බව කොළඹ ජාතික අක්ෂි රෝහලේ ජේ්‍යෂ්ඨ වෛද්‍ය නිලධාරි ප්‍රසාද් කොළඹගේ මහතා පවසනවා.
අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අවධාරණය කළා.
මේ අතර උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශිරෝමණි ජයවර්ධන මහත්මිය පැවසුවේ පැසිෆික් සාගරයේ අසාමාන්‍ය ලෙස උණුසුම් වෙමින් පැවතීම මෙයට හේතුව බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311