2024 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක කෙටුම්පත් කිරීම හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු දී සිදු කර තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් ද කණ්ඩායම් කිහිපයක් විසින් සිය සංචිත සඳහා තෝරා ගැනීමටයි පියවර ගනු ලැබුවේ.

ඒ අනුව එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරග වාරය වෙනුවෙන් ක්‍රීඩා කරන සමස්ත ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 11 ක්.

ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාවේ දී දුෂාන් හේමන්ත , කසුන් රාජිත , දසුන් ශානක, ලහිරු සමරකෝන්, සධීර සමරවික්‍රම , දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයින් කණ්ඩායම් හිමිකරුවන් විසින් සිය සංචිත සදහා තෝරා ගනු ලැබුවා.

ක්‍රීඩක කෙටුම්පත් කිරීමට පෙර ධනංජය ද සිල්වා , චතුරංග ද සිල්වා , දුනිත් වෙල්ලාලගේ , වනිදු හසරංග හා මතීෂ පතිරණ ගිවිසුම්ගත වී තිබුණා.

2024 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය ජනවාරි මස මැද භාගයේ දී ආරම්භ වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content