මහජන උපයෝගීතා කොමිසම නියම කළ පරිදි ලංකා විදුලි බලමණ්ඩලයේ සේවකයන් 2022 වසරේ ප්‍රසාද දීමනාව ලබානොගැනීමට එකඟතාවය පළ කර ඇති බව මහජන උපයෝගීතා කොමිසන් සභාව පවසනවා.

එහි සභාපති ජනක රත්නායක මහතා කියා සිටියේ ලංකා විදුලි බලමණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ වෘත්තීය සමිති ඒ් සඳහා එකඟතාවය පළ කළ බවයි.

මෙලෙස ප්‍රසාද දීමනා අත්හිටුවීමෙන් රුපියල් බිලියන ගණනක් ලංකා විදුලි බලමණ්ඩලයට ඉතිරි කර ගත හැකි බවද මහජන උපයෝගීතා කොමිසන් සභාව පවසනවා.

 

WhatsApp Group

Skip to content