උසස් පෙළ විභාගය පැවැත්වෙන ලබන 17 වන දා දක්වා කාලයේ දී විදුලි කප්පාදුවක් සිදු වුව හොත් ඒ පිළිබඳ පැමිණිලි කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම – ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
පැමිණිලි ලිඛිත ව ඉදිරිපත් කරන ලෙසයි කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා දන්වා සිටින්නේ.
එම පැමිණිලි 077 5 687 387 අංකයට වට්සැප් මගින් හෝ 011 2 392 641 අංකයට ෆැක්ස් මගින් යොමු කල හැකියි.
එමෙන්ම [email protected] යන විද්‍යුත් තැපැල ඔස්සේ ද පැමිණිලි යොමු කළ හැකි බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311