ශ්‍රී ලංකා නාවික හමුදාව, මුලතිව් නයාරු හා අලම්පිල් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හි සහ පුල්‍මුඩේ කෝකිලායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ කෝකිලායි කලපු ප්‍රදේශයේ දී මෙම විශේෂ මෙහෙයුම් සිදු කලා.
මේ අතර නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය අයතනය මඟින් මුලිතිව් නයාරු හා අලම්පිල් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හි විශේෂ සෝදිසි මෙහෙයුමකදි නීති විරෝධි ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දහ දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රා තුනක් සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනුණා.
එමෙන්ම, නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා රන්වැලි අයතනය මඟින් පුල්මුඩේ කෝකිලායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ කෝකිලායි කලපු ප්‍රදේශයේද විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කලා.
එහිදි නීති විරෝධි ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් හය දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රා හතරක් සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කලා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311