Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මින් ඉදිරියට ශ්‍රී ලංකාව බංකොලොත් රටක් ලෙස සැලකිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අද දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවය ගැන විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

එහිදි ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකගතාවය අනුව මෙතැන් සිට රටේ ඉදිරි ගමන ගෙන යා යුතු බවයි.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම පාර්ලිමේන්තුවේදී සභාගත කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම ඇතැම් ආනයන සීමා ලිහිල් කිරීමට ද ඉදිරියේදී කටයුතු කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/03/JANAPATHI-EDIT-.mp3?_=1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය පිළිබදව වැඩිදුර අදහස් දැක්වීම හෙට දිනයේදී පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ.

මේ පිලිබදව අද දින මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ද මෙලෙස අදහස් දක්වා සිටියා.

https://www.vnews.lk/storage/2023/03/RANJITH-SIYABALAPITYA-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content