එළඹෙන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සමාලෝචන වැඩසටහනට සාර්ථකව මුහුණ දීමට හැකි වනු ඇති බවට තමන් විශ්වාසය පළ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසී සපුරාලීම සදහා වන පාර්ලිමේන්තු ක්‍රියාවලියෙන් සියයට 80 ක් පමණ මේ වන විට අවසන් කර ඇති බවයි ඒ මහතා කියා සිටියේ.

මේ අතර ඔට්ටු සහ සූදු බදු සංශෝධනය කිරීමට අදාළ රෙගුලාසි ලබන මස මුල් සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළා.

ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුකූලවයි.

ඒ අනුව ලබන 8 වනදා හෝ 9 වනදා ඊට අදාළ රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සූදානම් කරමින් පවතින බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.

 

WhatsApp Group

Skip to content