ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට ලැබුණු විස්තීරණ මූල්‍ය පහසුකම ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට අද දින විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අදාල එකගතා ලියවිල්ල ද ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේදී සභාගත කරනු ලැබුවා.

අද පාර්ලිමේන්තුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ තමා භාර ගත්තේ ගිනි ගෙන විනාශ වූ රටක් බවයි.

https://www.vnews.lk/storage/2023/03/RANIL-EDIT-1.mp3?_=1

මෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය මගින් තරුණ තරුණියන්ගේ අනාගතය යළිත් ගොඩනැගිය හැකි බවටයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ.

https://www.vnews.lk/storage/2023/03/RANIL-IMF.mp3?_=2

විපක්ෂයෙන් කුමන චෝදනා එල්ල කළ ද ශ්‍රී ලංකා මාතාව අසීරු වැල් පාලමෙන් එතෙර කිරීමට තමන්ට හැකි වූ බවටයි ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් වැඩිදුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/03/RANIL-WEL-PALAMA.mp3?_=3

පාඩු ලබන ආයතන විකුණන බව පැවසුවද ආදායම් ලබන ආයතන විකුණා දමන්නේ කුමන හේතුවක් මතද යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද පාර්ලිමේන්තුවේදී විමසා සිටියා.

https://www.vnews.lk/storage/2023/03/WIMAL-WEERAWANSHA-EDIT.mp3?_=4

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජයග්‍රහණය පිළිබදව තමන් හදවතින්ම සතුටු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා.

ඔහු කියා සිටියේ මෙම ජයග්‍රහණය සදහා විපක්ෂය ද සිය සහයෝගය පළ කළ බවයි.

https://www.vnews.lk/storage/2023/03/KUMARA-WELGAMA-EDIT.mp3?_=5

කෙසේ වෙතත් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට ලබා ගැනීමට නොහැකි වනු ඇති බවට විපක්ෂය පැවසු බවයි.

https://www.vnews.lk/storage/2023/03/HARI-FERNANDO-EDIT.mp3?_=6

රජය සිදු කරනු ලබන නිවැරදි ප්‍රතිපත්තීන් සමගි ජනබලවේගය පක්ෂය විසින් කිසිවිටෙකත් ප්‍රතික්ෂේප නොකරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද ප්‍රකාශ කර සිටියා.

https://www.vnews.lk/storage/2023/03/HARSHA-DE-SILVA-EDIT.mp3?_=7

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විවාදයට විපක්ෂය ද සූදානම් බවයි.

https://www.vnews.lk/storage/2023/03/SAJITH-PREMADASA-EDIT-4.mp3?_=8

WhatsApp Group

Skip to content