ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාව සහ රැකවරණය වෙනුවෙන් කඩිනමින් නව නීති ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඔන්ලයින් ක්‍රමයට සිදු වන ළමා ලිංගික අපයෝජන වාර්තාකරණය සදහා වු නව ප්‍රවේශය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.
අන්තර්ජාලය වෙත යොමුකර ඇති සහ සාමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන ළමුන්ගේ නිරුවත් ඡායාරූප , අසභ්‍ය විඩියෝ දර්ශන කඩිනමින් ඉවත් කිරීම මෙම නව ප්‍රවේශයේ අරමුණයි.
මෙම ඔන්ලයින් ක්‍රමවේදය හදුන්වාදීමෙන් පසු ඕනෑම අයෙකුට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිල වෙබ් අඩවිය වෙත පිවිස අන්තර්ජාලය ඔස්සේ හුවමාරුවන අසභ්‍ය ළමා ඡායාරූප සහ වීඩියෝ දර්ශන පිළිබද පැමිණිලි කළ හැකි වනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311