විදෙස් රැකියා අපේක්ෂකයින්ගේ සහ රැකියා නියෝජිත ආයතනවල ගැටළු වර්ධනය වී ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.
විදෙස් රැකියා සදහා යොමුවීමට පවතින උනන්දුව වැඩි වීමත් සමග මෙම තත්ත්වය මතුව ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
බලපත්‍රලාභී විදේශ සේවා නියෝජිත ආයතන සංගමයේ නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
අදාළ ගැටළු හදුනා ගනිමින් කඩිනම් විසදුම් ලබා දෙන බව ද අමාත්‍යවරයා සදහන් කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311