මැතිවරණයකට සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට දැනුම්දී තිබෙනවා.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ මණ්ඩලය ඊයේ(24) රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම දැනුම්දීම කර තිබෙනවා.
එසේම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා එහිදී පැවසුවේ මැතිවරණ වැඩකටයුතු කරගෙන යන ලෙසට ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි.
පක්ෂයේ සියලු නිලධාරීන් සිරිකොත පක්ෂ මූලස්ථානයට ගොස් මැතිවරණ කටයුතු නියැලෙන ලෙසටද ජනාධිපතිවරයා දැනුම්දී තිබෙනවා.
කෙසේ වෙතත් පළාත් පාලන ඡන්ද විමසීමේ කටයුතුවලට ජනාධිපතිවරයා සම්බන්ධ නොවීමටයි මීට පෙර ජනාධිපතිවරයා තීරණය කළේ.
පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ කළමනාකාර මණ්ඩලය මෙම රැස්වීමට එක්ව තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311