Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඉන්ධන ලබාගැනීමේ ගැටලුව ඇතුළු කාරණා කිහිපයක් හේතුවෙන් බිම් මට්ටමේ සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උධ්ගතව ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

චක්‍රලේඛ හරහා විවිධ සීමාවන් පැනවීමට එරෙහිව ඉදිරියේදී සිය සාමාජිකයන් වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වීමට නියමිත බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ.

ඉන්ධන සම්බන්ධයෙන් මාසයකට ලබාදෙන දීමනාව දවසකට පමණක් ප්‍රමාණවත් වන බවයි රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

මෙම ගැටලුව මෙන්ම දීමනා කප්පාදු කිරීම, වැටුප් සම්බන්ධ ගැටලු රැසකට විසඳුම් ලබානොදී රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා රා්‍ය සේවකයින් අපහසුතාවයට පත් කිරීමට උත්සාහ දරණ බවයි රෝහණ මහතා පෙන්වා දෙන්නේ.

එසේම එය අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග රැල්ලකට අත වැනීමක් බවද උපුල් රෝහණ මහතා අනතුරු අඟවා සිටියා.

WhatsApp Group

Skip to content