අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ඉහළ නැංවූ ඉන්ධන කෝටාව නැවත දැනුම් දෙන තුරු නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා.
ඊයේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඛනික තෙල් සංස්ථා ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා.
මෙම ඉන්ධන කෝටාව ඉහල නැංවීම හේතුවෙන් මාසික ඉන්ධන සැලසුමේ වෙනසක් නොවන බව නිරීක්ෂණය වී තිබෙන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසන්නේ.
එමෙන්ම ඉන්ධන කෝටාව ඉහල නැංවීමෙන් පසු කිව් .ආර් කේතය අවභාවිතා කිරීම සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311