අද, හෙට සහ අනිද්දා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සිදුකරනු ලබන සංවර්ධන කටයුත්තක් හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ.ඉදිපොලගේ මහතා සදහන් කළේ.
ඒ අනුව කොළඹ සිට වැල්ලවත්ත දක්වා ධාවන කටයුතු සිදුකෙරෙන්නේ තනි මාර්ගයක වන අතර ඇතැම් අවස්ථාවන්වලදී දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට ඉඩ ඇති බව සදහන්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311