කන්තලේ දී පුරා විද්‍යා වටිනාකමක් ඇති බවට සැක කළ හැකි සලකුණු සහිත් කාසි සමග කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කන්තලේ කෝට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් හබරණ දෙස සිට කන්තලේ දෙසට ධාවනය වූ මෝටර් රථයක් නවතා පරික්ෂා කිරීමේදී මෙම කාසි සොයාගෙන ඇති අතර, මෙම පුද්ගලයන් සන්තකයේ තිබී කාසි 389ක් සිය භාරයට ගත් බවයි පොලීසිය සදහන් කළේ.
අත්අඩංලුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ සැකකාරියන් දෙදෙනා අවුරුදු 32ත් 49ත් අතර වයස් වල පසුවන පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311