SL Vlosg හිමිකරු වන බෘෘනෝ දිවාකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නටාෂා එදිරිසුරිය සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් බෘෘනෝ දිවාකර ප්‍රකාශයක් ලබාදීම සඳහා අද(31) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදීයි.

එහිදී ඔහුගෙන් පැය අටකට අධික කාලයක් ප්‍රකාශ ලබාගෙන ඇති අතර පසුව බෘෘනෝ දිවාකර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාතාෂා එදිරිසූරිය මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

ඒ බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීමේ චෝදනාවටයි.

පොලිසිය කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ බෘෘනෝ දිවාකර නමැත්තා යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් ආගමික නිදහසට හානි වන අයුරින් ප්‍රකාශ ප්‍රචාරය කිරීමට ආධාර අනුබල ලබාදී ඇති බවයි.

WhatsApp Group

Skip to content