දීර්ඝ කාලීන ණය නොගෙවීම, මූල්‍ය අංශය මත මෙන්ම ගනුදෙනුකරුවන්ටද දැඩි පීඩනයක් එල්ල කිරීම හේතුවෙන් අදාළ ආයතන සමග එකඟ වූ පරිදි ණය ගෙවීම ගනුදෙනුකරුවන්ගෙන් අපේක්ෂා කරන බව මහ බැංකුව පවසනවා.
සර්ව ආර්ථික තත්වය හමුවේ බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ පුද්ගලයින් සදහා සුදුසු මූල්‍ය සහන ලබා දෙන ලෙසට මූල්‍ය ආයතනවලින් කළ ඉල්ලීම් පිළිබදව කරුණු පැහැදිලි කිරීමක් අතරතුරදියි මහ බැංකුව විසින් මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ.
ණය පහසුකම් සදහා සහන, ආපසු අය කර ගැනීමේ ක්‍රියාමාර්ග අත්හිටුවීම, ණය කලින් පියවීම සදහා අවස්ථාව සැලසීම, ඊට අදාළව අය කරනු ලබන ගාස්තු සහ අනාගත පොලී අත්හිටුවීම වැනි සහන ගනුදෙනුකරුවන්ට ලබා දෙන ලෙසටයි මහ බැංකුව මීට පෙර අදාළ ආයතන සදහා ප්‍රකාශ කර සිටියේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311