කල්පිටිය, උච්චමුනේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකළ මුර සංචාරයකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 0.988 ක ප්‍රමාණයක් සහිත පාර්සලයක් සමඟ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
නාවික හමුදා යාත්‍රාව මඟහැර උච්චමුනේ වෙරළ තීරය දෙසට යාත්‍රා කිරීමෙන් අනතුරුව එහි සිටි පිරිස විසින් උච්චමුනේ වෙරලේ අදාළ ඩිංගි යාත්‍රාව අත්හැර දමා ගොස් තිබියදී මෙලෙස සොයා ගත් බව සඳහන්.
මේ අනුව සිය භාරයට ගත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 9 කට අධික වන බවයි නාවික හමුදාව පැවසුවේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311