හිස නිරාවරණය කරගෙන සිටින කාන්තාවන් හදුනා ගැනීම සදහා ප්‍රසිද්ධ ස්ථානවල කැමරා සවි කිරීමට ඉරාන බලධාරීන් තීරණය කර තිබෙනවා.
එලෙස හිස නිරාවරණය කරගෙන සිටින කාන්තාවන්ට මුලින් කෙටි පණිවුඩයක් මගින් අනතුරු ඇගවීමක් සිදුකරන අතර පසුව නීති මගින් කටයුතු කිරීමට නියමිත බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසු ආගමික නීතියක් ලෙස කාන්තාවන් තම හිසකෙස් හිජාබයකින් ආවරණය කිරීම සහ ශරීර හැඩය සැගවෙන සේ දිගු ලිහිල් ඇදුම් ඇදීම අනිවාර්ය කර තිබුණා.
මෙම නීතිය උල්ලංඝනය කරන කාන්තාවන්ට ඉරාන සදාචාර පොලිසිය විසින් දඩ ගැසීම හෝ අත්අඩංගුවට ගැනීම ද සිදුකරනු ලබනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311