බන්ධනාගාරගතව සිටින විශේෂ අවශ්‍යතා සහිත රැඳවියන්ට ජනාධිපති සමාව ලබා දීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.
අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේ විශේෂ කමිටුවක නිර්දේශ යටතේ මෙලෙස ජනාධිපති සමාව ලබා දෙන බවයි.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
මෙහිදී වයස්ගත සහ විශේෂ සෞඛ්‍ය අවශ්‍යතා සහිත රැඳවියන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බවයි අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ.
අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති දුෂණ විරෝධි පනත සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පලකළා.
ඔහු කියා සිටියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ද මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311