ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මවගේ අභාවය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශෝකය පළකර තිබෙනවා.
මෝදි අග්‍රාමාත්‍යවරයා ඇතුළු පවුලේ සාමාජිකයින් වෙත සිය සංවේගය පළකරන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මව වන හීරාබෙන් මෝදි – ගුජරාට් රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි අද අලුයම ජීවිතක්ෂයට පත්වුනා.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මවගේ අභාවය පිළිබඳ ලෝක නායකයින් රැසක් ශෝකය පළකර ඇති අතර 99 හැවිරිදි ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ගාන්ධි නගර්හි හි දී පැවැත්වෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311