ඉන්දියාව අද සිය 74 වැනි ජනරජ දිනය සමරනු ලබනවා.
එහි ප්‍රධාන උත්සවය සංවිධාන කර තිබුනේ නව දිල්ලි නුවර දී.
රටේ ශ්‍රේෂ්ඨ නිදහස් සටන්කාමීන්ගේ සිහින සැබෑ කිරීමට රට වැසියන් සියලු දෙනා එක්ව කටයුතු කරන ලෙසයි අගමැති නරේන්ද්‍ර මෝදි ජනරජ දිනය වෙනුවෙන් ඉල්ලා සිටියේ.
ජනරජ දින පෙළපාලියට පෙර, අගමැති මෝදි ජාතික යුද ස්මාරකය අභියසදී පුෂ්පෝපහාර දැක්වුවා.
ඉන්දියාව බි්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීමෙන් පසු 1950 දී එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මක වූ දිනය ජනරජ දිනය ලෙස සමරනු ලබනවා.
ඉන්දියාව සිය හමුදා ශක්තිය සහ සංස්කෘතික උරුමය – වර්ණවත් පෙළපාලියකින් ප්‍රදර්ශනය කරනු ලැබූ අතර මෙවර ජනරජ දිනය වෙනුවෙන් ඊජිප්තු ජනාධිපති අබ්දෙල් සිසී ආරාධිතයා ලෙස සහභාගී වුනා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311