අනුරාධපුර – ඇලයාපත්තුව – මාන්කඩවල ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් මවක සහ දරුවන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.
පොලිසිය පැවසුවේ නිවැසියන් නිදා සිටියදී ඊයේ රාත්‍රියේ ගින්න හටගෙන ඇති බවයි.
දරුවන් සහ බිරිඳ බේරාගැනීමට උත්සහ දැරූ 37 හැවිරිදි ගෙහෙමියා පිළිස්සුම් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පස් හැවිරිදි පිරිමි දරුවෙකු, දස හැවිරිදි ගැහැණු දරුවෙකු සහ 30 හැවිරිදි මවක්.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
කෙසේ වෙතත් ඇලයාපත්තුව පොලිසිය පවසන්නේ අසල පිහිටි නිවසකින් අදාළ නිවසට විදුලිය ලබාගෙන ඇති බවයි
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311