විදුලි බිල වැඩි කිරීමට එරෙහි 69 ලක්ෂයේ ජනතා පෙත්සමට අත්සන් ලබා ගැනීම අද දිනයේත් සිදු කෙරෙන බව වෘත්තීය සහ සිවිල් සංගම් පවසනවා.
විදුලිය පාවිච්චි කරන්නන් ගේ සංගමය සඳහන් කළේ මීරිගම සතිපොළ පරිශ්‍රයේ සහ මහරගම සතිපොළ පරිශ්‍රයේ එය අද දිනයේ ක්‍රියාත්මක බවයි.
දුරුතු පොහොය යෙදුනු ඊයේ දිනයේ විහාරස්ථාන ආශ්‍රිතව බැතිමතුන්ගෙන් අත්සන් ලබා ගැනීම සිදු කෙරුනා. ඒ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් කර තිබූ ඉල්ලීමකට අනුවයි.
විදුලි බිල වැඩි කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව හැටනව ලක්ෂයේ මහජන පෙස්සම ට අත්සන් ලබා ගැනීම ජනවාරි දෙවෙනිදා පෙරවරුවේ ඓතිහාසික කැලණිය පුදබිමෙන් ආරම්භ කෙරුනා. විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ජනතා වෛරී ලෙස කටයුතු කරන බවත් – විදුලිය ගාස්තු ඉහල දමන්නේ නම් විදුලිබිල්පත් ගෙවීමෙන් වැලකි සිටින බවත් ප්‍රවෘත්ති සාකච්ඡාවක ට එක්වෙමින් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා සඳහන් කළා.
උණුසුම් පුවත්
- කරඳගොල්ල නායයෑම යලිත් සිදුවිය හැකියි
- නීතිවේදීන් පස් දෙනකුට ජනපති බහුමානය
- බහු පාර්ශ්වික ණය ඩොලර් බිලියන 2.5ක් වාර්ෂිකව ගෙවන බව මුදල් රාජ්‍ය ඇමැති කියයි
- ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන පෙරහුරු තරගාවලියකට සැරසෙයි
- බස් ගාස්තු පිළිබද රජයෙන් තීරණයක්
- “විජේවීර හිටියනම් අනුර තෙමේගෙ කතාව අහලා ආයෙත් මැරෙනවා.”-විමල්
- ඉන්දියාවේ පාසල් 100කට බෝම්බ තර්ජන
- සැබෑ කම්කරුවන්ට වේදිකාව භාරදී දේශපාලකයන් නරඹන්නන් වූ නියම මැයි රැළිය (වීඩියෝ)