පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් බලපෑම් කළ වරදට අත්අඩංගුවට ගත් තරුණයා එළඹෙන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට සැකකරු අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
එමෙන්ම සැකකරුගේ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ලබා ගන්නා ලෙස ද අධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබෙනවා.
අදාළ සැකකරු නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේදී මාර්ග නීති උල්ලංඝනය කරමින් මෝටර් රථයක් ධාවනය කර තිබූ අතර රථ වාහන අංශය විසින් ඔහුට දඩයක් නියම කර තිබුණා.
ඊට අදාළ ලිපිලේඛන සූදානම් කරමින් සිටින අවස්ථාවේදීයි සැකකරු විසින් පොලිස් රථ වාහන අංශ නිලධාරීන් දෙදෙනාගේ රාජකාරියට බාධාවන අයුරින් හැසිරී තිබුණේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311