මැතිවරණ වියදම් නියාමන පනත සම්මත වීම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධාවක් නොවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ පනත සම්මත වීමත් සමග මැතිවරණ වියදම් නියාමනය සඳහා නව රෙගුලාසි සම්පාදනය කළ යුතු බවයි.
මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඊයේ පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත වුනා.
ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 97 ක් හිමි වූ අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 36ක්.
සමගි ජන බලවේගය ජාතික ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ රැසක මන්ත්‍රීවරු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා.
අධිකරණ බන්ධනාගාර කටයුතු සහ සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පනත් කෙටුම්පත විවාදය සඳහා ඉදිරිපත් කරනු ලැබුවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311