සියළු පාර්ශව සමග එක්ව සාධාරණ පොදු එකගතාවකියින් යුතුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
දෙහිඕවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් පසු මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
කිසිදු පාර්ශවයකට වාසියක් වන පරිදි ගිවිසුම්ගත වීමට රජය සුදානම් නොමැති බවයි අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළේ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සිදුකෙරන කටයුතු පිළිබදවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙලෙස අදහස් පලකළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311