යුක්රේනයට පැය 36 ක සටන් විරාමයක් පනවන ලෙස රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සිය ආරක්ෂක අමාත්‍යවරයාට නියෝග කර තිබෙනවා.
ඒ රුසියානු ඕතඩොක්ස් නත්තල වෙනුවෙන්.
පසුගිය පෙබරවාරි 24 වැනිදා, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් ආරම්භ කිරීමෙන් පසු රුසියාව පූර්ණ සටන් විරාමයක් ආරම්භ කළ පළමු අවස්ථාව මෙයයි.
සටන් විරාමයකට රුසියන් ජනාධිපති පුටින් කැමැත්ත පළ කළේ රුසියාවේ ඕතඩොක්ස් ආගමික නායක 76 හැවිරිදි ප්‍රැටියාෂ් කිරිල් කළ ඉල්ලීමට ගරු කරමින් බවයි ක්‍රෙම්ලීන පාලනය නිවේදනය කලේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311