විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පැවති පළමු තරගයෙන් ලකුණු 03ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.
සත්කාරක දකුණු අප්‍රිකාණු කණ්ඩායමට එරෙහිවයි මෙම තරගය පැවැත්වුණේ.
කේප්ටවුන්හිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 129ක් රැස් කළා.
චමරි අතපත්තු ලකුණු 68ක් සහ විශ්මි ගුණරත්න ලකුණු 35ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 126ක් පමණයි.
පන්දු යැවීමේදී ඉනෝකා රණවීර කඩුලු 03ක් බිදහෙලුවා.
තරගයේ වීරයා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු සම්මාන දිනා ගත්තා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311