ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සක්‍රීයව පවතින මෝඛා සුළි
කුණාටුව මේ වන විට චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ
විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එය මේ වන විට බංග්ලාදේශය දෙසට ගමන් කරමින් ඇති බවයි කාලගුණ විද්‍යා
දෙපාර්තමේන්තුව සදහන් කළේ.
මේ හේතුවෙන් මෙරට ප්‍රදේශ කිහිපයක අද දිනය තුළ ද තද වැසි අපේක්ෂා කරනු
ඇති.
හෙට දිනය වන විට සුළි කුණාටුව බංග්ලාදේශයට ඇතුළු වනු ඇති බවයි වාර්තා
වන්නේ.
මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිවයිනේ දිස්ත්‍රික් කිහිපයකට
පනවා ඇති නායයාමේ අනතුරු ඇගවීම තවදුරටත් බලාත්මකයි.
ඒ අනුව කොළඹ, ගාල්ල , මාතර , කළුතර , කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්වලට
මෙම අනතුරු ඇගවීම නිකුත් කර තිබුණා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසුවේ ජනතාව මේ පිළිබද වඩාත්
අවදානයෙන් පසුවීමට වැදගත් බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311