Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු වන අතුරුගිරියේ ජෙරම් පොලිස් විශේෂ කාර්යය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

පොලිස් විශේෂ කාර්යය බළකායේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අතුරුගිරිය මිලේනියම් සිටි ප්‍රදේශයේ දී එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරු පසුගිය මාර්තු 25 වන දින හෝමාගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකට අවශ්‍යව සිටි සැකකරුවෙකු බව වාර්තා වනවා .

මොහු සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අතර අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර සිටි සැකකරුවෙකු ද වනවා .

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අතුරුගිරිය පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බව පොලිස් විශේෂ කාර්යය බළකාය සඳහන් කළා .

WhatsApp Group

Skip to content