දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා හදිසියේ ඇති වූ රෝගි තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා.

ඔහු ඊයේ රාත්‍රියේ මෙලෙස රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට ආර්. සම්බන්ධන් මහතාගේ වයස අවුරුදු 90ක්.

ඔහු පාර්ලිමේන්තු සැසිවාර වලට සහභාගි වීමට නොහැකි බව දන්වා නිවාඩු ලබා ගෙන තිබෙනවා.

එමෙන්ම ආර්. සම්බන්ධන් මහතා ජානාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පසුගියදා සාකච්ඡාවකට ද එක්ව සිටියා.

WhatsApp Group

Skip to content