ඉන්දියාවේ පූනෙහි අධිවේගී මාර්ගයක පාලමක් මත සිදු වූ අනතුරකින් පුද්ගලයින් 30 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

මාර්ගයේ ගමන් ගත් වාහන 48 ක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් මේ වන විට රෝහල් ගත කර ඇති බව සඳහන්.

ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ රථයක තිරිංග ක්‍රියා විරහිත වීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

 

WhatsApp Group

Skip to content