කංසා අපනයනය ක්‍රියාවලිය සම්බන්ධයෙන් රජය නිල නියෝගයක් නිකුත් කරන තුරු කංසා වගාවන් වැටලීම් සහ විනාශ කිරීම් අඛණ්ඩව සිදුකරන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යයංශය පවසනවා.

කංසා බෝගය අපනයනය කිරීම සඳහා මෙරට තුළ වගා කිරීමට ඇති හැකියාව සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත් කිරීමටයි අයවැය මඟින් යෝජනා කර තිබුණේ.

කෙසේවෙතත් අදාළ යෝජනාව සම්මත වීමකින් පසු යම් නිර්දේශයක් නිකුත් කරන තුරු කංසා වගාවන් වැටලීම් නතර කිරරීමේ හැකියාවක් නොමැති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය අවධාරණය කළා.

WhatsApp Group

Skip to content