කැනඩා රාජ්‍ය විසින්  මෙරටට ඩොලර් මිලියන 3 ක ආධාර ලබා දී තිබෙනවා.

ඒ වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හමුවේ වැඩි අවදානමකට ලක්විය හැකි ප්‍රජාවන්ගේ අවශ්‍යතා සම්පුර්ණ කිරීමටයි .

අන්තර්ජාතික රතු කුරුස සංවිධානය ,එක්සත් ජාතින්ගේ සංවිධානය සහ අයි.එෆ්.ආර්. සී සංවිධානය එක්ව සිදුකරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර ලෙස මෙම ආධාර ලබා දීමට කටයුතු කල බව කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළා .

ඒ යටතේ මෙරට වැඩි අවදානමකට ලක්ව සිටින ප්‍රජාවන්ට ආහාර, සෞඛ්‍ය, පෝෂණ සේවා සහ පානීය ජල අවශ්‍යතා ඇතුලු අත්‍යවශ්‍ය සේවාවන් ලබාදීමට හැකියාව ලැබෙන බවයි වාර්තා වන්නේ

WhatsApp Group

Skip to content