මසකට කෙසෙල් මෙට්්‍රක් ටොන් 20,000 ක් අපනයනය කිරීම සඳහා චීනය සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරුණු ගිවිසුම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නොසැළකිල්ල හේතුවෙන් අහිමි වී ඇති බවට වාර්තා වනවා.

දෙරට අතර ඇති කර ගත් ගිවිසුමකට අනුව කෙසෙල් වගා කරන ගොවීන් 150 කගේ ජීවදත්ත චීන රජයට ලබාදී කෙසෙල් චීනයට අපනයනය කිරීමටයි සැළසුම් කර තිබුණේ.

මේ අනුව සතියකට කෙසෙල් මෙට්්‍රක් ටොන් 500 බැගින් මසකට ටොන් 2000 ක කෙසෙල් චීනයට අපනයනය කිරීමටයි අදාළ ගිවිසුමට අනුව එකඟ වී ඇත්තේ.

කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍යංශයේ අවධානය යොමු නොවීම හේතුවෙන් කෙසෙල් අපනයනය අහිමි වී තිබෙනවා.

WhatsApp Group

Skip to content