Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබෙනවා.

ඒ උඩරට පේරාදෙණිය සහ පිළිමතලාව අතර එළුගොඩ ප්‍රදේශයේ දී දුම්රියක් පීලිපැනිමට ලක්ව තිබීම හේතුවෙන්.

අද උදෑසන පීලිපැනීම සිදුව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මහව කාර්යාල දුම්රියද අද ප්‍රමාද වී ධාවනය වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර අහුංගල්ල, බලපිටිය දුම්රියපොළ අසල හීනටිය දුම්රිය හරස් මාර්ගයේ දී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටීමෙන් ත්‍රීරෝද රථ රියදුරු මියගොස් හීනටිය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් වසා තිබූ දුම්රිය ගේට්ටුවේ ගැටී එයද බිඳ දමමින් ගමන් කිරීමත් සමග ගාල්ල බලා ධාවනය වූ ඉන්ධන ප්‍රවාහන දුම්රියේ ගැටී තිබෙනවා.

මියගොස් ඇත්තේ 40ක් හැවිරිදි හීනටිය ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

WhatsApp Group

Skip to content