කොහුවල සහ ඒ අවට ප්‍රදේශයේ පවතින අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස 2021 වසරේ ඉදිකිරීම් ආරම්භ කරන ලද කොහුවල ගුවන් පාලමේ අවසන් අදියරේ ඉදි කිරීම් නිරීක්ෂණය කිරීමට ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා එක්විය.

කොවිඩ් අර්බුදය සහ ඉන් අනතුරුව රටක තුළ උද්ගත වූ තත්ත්වය හේතුවෙන් 2022 වසරෙදි එහි ඉදිකිරීම් කටයුතු අතරමඟ නවතා දැමීමට සිදුවු අතර ඒ වන විට සම්පූර්ණ පාලමේ ඉදිකිරීම්වලින් විශාල ප්‍රතිශතයක් වැඩ අවසන් කොට තිබුණත් හංගේරියානු රජයේ ණය ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතියට ලැබිය යුතු මුදල් නවතා දමා තිබිණ.

දිගින් මීටර් 300ක් සහ පළලින් මීටර් 9.2 වන මෙම පාලමේ ඉදිකිරීම් එහි දේශීය කොන්ත්‍රාත් සමාගමේ අරමුදල් මත ඉදිකර අවසන් කිරීමට මේ වන විට පියවර ගෙන තිබේ.

WhatsApp Group

Skip to content