Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රුපියල් 500ක අල්ලස් මුදලක් ලබාගත් පොලිස් සැරයන්වරයෙකුට වසර 4ක සිර දඩුවමක් නියම කර තිබෙනවා.

ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසිනුයි.

අදාළ පොලිස් සැරයන්වරයා ත්‍රිරෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500ක අල්ලස් මුදලක් ලබා ගත් බවට අධිකරණයේදී වරදකරු බවට පත්ව තිබෙනවා.

රථවාහන වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකර සිටිමට එම පොලිස් සැරයන්වරයා අල්ලස් මුදල ලබා ගත් බවට චෝදනා එල්ල වී තිබුණා.

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අදාළ පොලිස් සැරයන්වරයාට එරෙහිව චෝදනා 4ක් යටතේ කරුණු වාර්තා කර තිබෙනවා.

ඒ අනුව එම එක් චෝදනාවකට වසරක් බැගින් වසර 4ක සිරදඩුවම් නියම කර ඇති අතර එම සිර දඩුවම එකවර ගෙවී යා යුතු බවට මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා නියම කළා.

එමෙන්ම සැරයන්වරයා වරදකරු බවට පත්වු චෝදනා 4ට එක් චෝදනාවට රුපියල් 5000ක් බැගින් වන දඩු මුදලක් ද නියම කර තිබෙනවා.

මේ අතර ඔහු අල්ලස් ලෙස ලබා ගත් රුපියල් 500ක මුදල , මුදල් දණ්ඩණයක් වශයෙන් අය කර ගැනීමට ද අධිකරණය ඊයේ නියෝග කළා.

WhatsApp Group

Skip to content