Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අද රාත්‍රියේ සිට පැය 10 කාලයක් කොළඹ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව අද රාත්‍රී 10 සිට හෙට උදෑසන 08.00 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇති.

මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බලප්‍රදේශවලට සහ මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බලප්‍රදේශවලටයි.

එමෙන්ම කොළඹ 04,05,07 සහ 08 යන ප්‍රදේශවලටද එම කාලය තුළ ජල සැපයුම අත්හිටවනු ඇති බවයි එම මණ්ඩලය සඳහන් කලේ.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

WhatsApp Group

Skip to content