පාසල් නිල ඇඳුම් සඳහා චීන රජයෙන් ප්‍රදානයක් ලබා දී තිබෙනවා.
ඒ අනුව නිලඇඳුම් අවශ්‍යතාවෙන් 70%ක් ඉන් සම්පූර්ණ වන බවයි කොළඹ චීන තානාපති කාර්යාලය පවසන්නේ.
රෙදි මීටර් මිලියන 9කට ආසන්න ප්‍රමාණයක් මෙරට වැඩබලන චීන තානාපති හු වෙයි මහතා විසින් අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා වෙත කොළඹ වරාය පරිශ්‍රයේ දී නිල වශයෙන් භාරදෙනු ලැබුවා.
සිසුන්ට සෘජුවම ලබාදිය හැකි වන පරිදි කපා අසුරා ලේබල් කර ඇති එම රෙදි තොගය 2023 අධ්‍යයන වර්ෂයට අදාළව මාර්තු 20 වනදා වන විට බෙදා හැර අවසන් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
රජයේ හා රජයේ ආධාර ලබන පාසල් මෙන්ම පිරිවෙන් අධ්‍යාපනය ලබන දරුවන් සහ භික්ෂූන්වහන්සේ ගණන ලක්ෂ 41ක්.
රජයේ පාසල් දිවා ආහාර වැඩසටහන සඳහා චීන රජයෙන් අවස්ථා කිහිපයක දී කොටස් වශයෙන් ලබාදුන් සහල් මෙට්‍රික් ටොන් 10,000ක ප්‍රමාණය මේ වනවිට මුළුමනින්ම සපයා අවසන් බව වැඩබලන චීන තානාපතිවරයා අධ්‍යාපන අමාත්‍යවරයාට නිල වශයෙන් දැනුම් දෙනු ලැබුවා.

 

WhatsApp Group

Skip to content