රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමග කටයුතු කිරිමේ දී සියලු රටවල් සමග මිත්‍රශීලි පිළිවෙතක් අනුගමනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ලෝක බලවතුන්ගේ අරගලවලදී එක් පිළකට බෙදී වෙන් නොවී, සියලු රටවල් සමග මිත්‍රශීලිව කටයුතු කිරීම තුළින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ යහපත් තලයකට ඔසවා තැබිය හැකි බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ කැඩෙට් නිලධාරීන්ගේ 97 වන විසිරයාමේ පෙළපාලියට අද එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කළා.

නායකත්වයේ මුලධර්ම පිළිබඳවද මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදුන් ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ රට අභ්‍යන්ත හා බාහිර බලපෑම් වලින් ආරක්ෂා කිරීම යුධ හමුදා නිලධාරින්ගේ වගකීම බවයි.

https://www.vnews.lk/storage/2022/12/RANIL-WIKRAMASINGHA.mp3?_=1

WhatsApp Group

Skip to content