ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ මන්නාරම දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

එහිදී ජනාධිපතිවරයා මන්නාරම ජනතාවගේ ගැටලු සොයා බැලු අතර එම ගැටලු වලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳව ද සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මන්නාරම නගරයට පැමිණි ජනාධිපතිවරයා පළමුවෙන්ම මන්නාරම ඕලන්ද කොටුවේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බැලුවා.

අනතුරුව නඩුකුඩා ධීවර ගම්මානයේ සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධීවර ප්‍රජාව සමග සුහද කථා බහක නිරත වෙමින් ඔවුන්ගේ ගැටලු පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කළා.

එමෙන්ම නඩුකුඩා ධීවර ගම්මානයේ වැසියන් මුහුණ දී ඇති ගැටලු රැසක් පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කළ අතර ඒ පිළිබඳ කඩිනමින් සොයා බලා අවශ්‍ය විසඳුම් ලබාදෙන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

WhatsApp Group

Skip to content