Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳව විමර්ශනයක් සිදුකරන්නැයි ඉල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවට එම පැමිණිල්ල භාර දී ඇති බව සඳහන්.

අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බවයි ඔෂල හේරත් මහතා පවසන්නේ.

එබැවින් ඇයට රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ආගමන හා විගමන පනතට පටහැනි ක්‍රියාවක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එම නිසා මේ තුළින් බලය අයුතු ලෙස පරිහරණය කිරීම සිදුවී ඇතැයි පෙන්වා දෙන පැමිණිලිකාර ඔෂල හේරත් මහතා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසත් අල්ලස් කොමිසමෙන් ඉල්ලා තිබෙනවා.

WhatsApp Group

Skip to content