අනුරාධපුර – වව්නියාව දුම්රිය කොට්ඨාසයේ අලුත්වැඩියාවක් සඳහා ලබන ජනවාරි මස 5 වැනිදා සිට වස තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව එම මාර්ගය මාස 5ක කාලයක් වසා තැබෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ජනවාරි 5වනදා සිට ගතවන මාස පහක කාලය තුල කොළඹ කොටුව සිට අනුරාධපුර සහ අනුරාධපුර සිට කොළඹ කොටුව දක්වා පමණක් එම මාර්ගයේ දුම්රිය ධාවනය කෙරෙනු ඇති.
අනුරාධපුරයේ සිට වව්නියාව දක්වා මගීන්ගේ ගමන් පහසුව සඳහා බස් රථ යොදවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

කන්කසන්තුරය – මුරුක්කණ්ඩි දක්වා ධාවනය කරන ‘යාල්රාණි’ දුම්රිය එම මාස පහක කාලය තුළ වව්නියාව දක්වා ධාවනය කරන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරනවා.

WhatsApp Group

Skip to content