අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ තවත් හමුදා නිලධාරියෙකුට සම්බාධක පනවා තිබෙනවා.

ලෝක මානව හිමිකම් උල්ළංඝනය කිරීම් සම්බන්ධයෙන් වගවීම ප්‍රවර්ධනය කිරීමේ නවතම ක්‍රියාමාර්ගයක් ලෙස මෙම සම්බාධක පනවා ඇති බවයි අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු ප්‍රධානීයෙකු වන මේජර් ප්‍රභාත් බුලත්වත්ත මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අමෙරිකාවට ඇතුළුවීම තහනම් වනවා .

2008 වසරේ මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීම ඇතුළු සිදුවීම් කිහිපයක් මුල්කර ගනිමින් එම තහනම පනවා ඇති බවයි, අමෙරිකා එක්සත් ජනපදය පවසන්නේ.

පසුගිය වසරේ හිටපු යුද හමුදාපති වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදය විසින් සම්බාධක පනවනු ලැබුවා

WhatsApp Group

Skip to content