අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සංශෝධනය වන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

ඊයේ දින සිදුවු ඉන්ධන මිල සංශෝධනයත් සමගයි මෙලෙස බස් ගාස්තු සංශෝධනය සිදුකෙරෙන්නේ.

ඒ අනුව බස් ගාස්තු සියයට 12.9කින් අඩු කිරීමටයි ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර ඇත්තේ.

නව බස් ගාස්තු සංශෝධනයට අනුව අවම බස් ගාස්තුව රැපියල් 30ක් දක්වා අඩු වනු ඇති.

ජාතික ගමනාගමන මණ්ඩලය විසින් නව බස් ගාස්තු සංශෝධනයට අදාළ නිවේදනය ඊයේ නිකුත් කළා.

මේ ඒ පිළිබද කරැණු පැහැදිලි කළ වැඩබලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා.

https://www.vnews.lk/storage/2023/03/LASANTHA-ALAGIYWANNA-EDIT-1-1.mp3?_=1

කෙසේවෙතත් නව බස් ගාස්තු සංශෝධනය හෙට සිට ක්‍රියාත්මක කිරීමට සුදානම් බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සදහන් කළේ.

ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ගැමුණු විජේරත්න මහතා මෙලෙස අදහස් පලකළා.

https://www.vnews.lk/storage/2023/03/GAMAUNU-WIJERATHNA-EDIT-1-1.mp3?_=2

WhatsApp Group

Skip to content