පළාත් පාලන මැතිවරණයට අදාළව ගොණු කර ඇති පෙත්සම් දෙකක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙනවා.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසුරිය , බුවනෙක අලුවිහාරේ , ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මෘර්දු ප්‍රනාන්දු යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදියි.

මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිවයි අදාළ පෙත්සම් ගොණුකර ඇත්තේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව 2023 අයවැය මගින් වෙන්කළ මුදල් රඳවා තබා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ නියෝගය ක්‍රියාත්මක නොකිරීමයි මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට එරෙහි චෝදනාව වන්නේ.

අදාළ නියෝගය ක්‍රියාත්කමක නොකිරීම තුළින් ඔහු අධිකරණයට අපහස කර ඇති බව අදාළ පෙත්සම් මගින් පෙන්වා දී තිබෙනවා.

සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් අදාළ පෙත්සම් ගොණු කර තිබුණා.

WhatsApp Group

Skip to content