Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම සඳහා කල්මුණේ මහනගර සභාව වෙනුවෙන් නාමයෝජනා භාර ගැනීම වළක්වාලමින්  නිකුත් කරන ලද තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තෙක් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

සයිදමරුදු ප්‍රදේශයේ පදිංචිකරුවකු මෙන්ම රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයෙකු වූ  ඒ. එල්. එම්. සලීම් සහ පළාත් පාලන නියෝජිතයෙකු වන ඒ. ආර්. එම් අසීම් යන මහත්වරුන්  විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

විජිත් මළල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇති අතර පෙත්සම මාර්තු මස 24 වනදා යළි කැඳවීමට නියමිතයි.

WhatsApp Group

Skip to content